දිමුත් වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට – වනිදු සහ චමීර වසරේ එක්දින කණ්ඩායමට

0
101

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ 2021 ලෝක ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණරත්න නම් කර තිබෙනවා.

දිමුත් ආරම්භක පිතිකරුවා ලෙස නම් කර ඇති අතර නවසීලන්තයේ කේන් විලියම්සන් කණ්ඩායමේ නායකයා ලෙස නම්කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම පහතින්,

දිමුත් කරුණාරත්න, රෝහිත් ෂර්මා, මානස් ලබුෂේන්, ජෝ රූට්, කේන් විලියම්සන් (නායක), ෆාවඩ් අලාම්, රිෂාබ් පාන්ට් (කඩුලු රකින්නා), ආර්. අශ්වින්, කේල් ජැම්සන්, හසන් අලී, ශාහීන් අෆ්රිඩී

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ එක්දින ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබෙනවා.

11 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු ද ඇතුළත් ව තිබෙනවා.

මෙලෙස වසරේ එක්දින ක්‍රිකට් කණ්ඩායමට නම් කර ඇත්තේ සුපිරි දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සහ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරයි.

වනිදු හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර වසරේ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමට ද එක්කර තිබීම විශේෂත්වයක්.

වසරේ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය හිමි වූ බාබර් අසාම් වසරේ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ද නායකත්වයට නම් කර තිබීම විශේෂත්වයකි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ වසරේ එක්දින කණ්ඩායම පහතින්,

පෝල් ස්ට්‍රේලිං, ජානේමන් මාලන්, බාබර් අසාම් (නායක), ෆකර් සමාන්, රසී වැන් ඩර් ඩසීන්, ෂකීබ් අල් හසන්, මුෂ්ෆික රහීම්, වනිදු හසරංග, මුස්ටෆිසූර් රහමාන්, සීමී සිං, දුෂ්මන්ත චමීර