අවසන් තරඟයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක් – ඕස්ට්‍රේලියාවට 4-1ක තරඟාවලි ජයක්

0
109

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර තරග 05කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (20) සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජයගත්තේ කඩුලු 05කිනි.

ශක්තිමත් ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 69ක් රැස්කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියා.

ඔහුට අනෙගි සහයක් ලබාදුන් දසුන් ශානක ලකුණු 35ක් රැස් කළා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 154ක් රැස් කළා.

ඒ කඩුල හයක් පමණක් දැවී තිබියදීයි.

කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියා තීරණය කළේ පළමුවෙන් පන්දුවර පහරදීමටයි.

තරග 05 කින් යුත් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ජය ඕස්ට්‍රේලියාව හිමිකර ගත්තේ පැවැති තරග 04 ම ජය ගනිමින්.

ඒ අනුව පූර්ණ තරඟාවලි 4-1ක් ලෙස ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් උනා.

අවසන් තරඟයේ වීරයා කුසල් මෙන්ඩිස් වූ අතර තරගාවලියේ වීරයා ඕස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ස්වෙල්.