රාත්‍රී කාලයේ විදුලිය කප්පාදු කෙරෙන අවස්ථාවල සිදුවන සොරකම්වල වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව පොලීසිය පවසනවා.
පසුගිය සති 02 ක පමණ කාලය තුළ සිදුවූ සොරකම්වලින් වැඩි ප්‍රමාණයක් රාත්‍රී කාලයේ විදුලිය කප්පාදු කළ අවස්ථාවල සිදුව ඇති බවටයි වාර්තා වී ඇත්තේ.
විදුලිය විසන්ධි වීමක් සමග බොහෝ ස්ථානවල සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධති අක්‍රීය වීමත් සමග එවැනි සොරකම් සිදුවන බව ද පොලීසිය පවසනවා.
පානදුර හොරෙයිතුඩුව ප්‍රදේශයේ විහාරස්ථනයක ද ඉකුත් දා විදුලිය කප්පාදු කෙරුණු අවස්ථාවේදී සොරකමක් සිදුව තිබෙනවා. එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ කාර්යාලයේ තිබූ රත්‍රං සුර ඇතුළු වටිනා භාණ්ඩ කිහිපයක් සොරුන් විසින් රැගෙන ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
එම විහාරස්ථානයේ ආරක්ෂත කැමරා පද්ධතියක් සවිකර ඇතත් අදාළ අවස්ථාවේ විදුලිය නොමැතිවීම හේතුවෙන් එය අක්‍රීය වී තිබෙනවා.