ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 70 ඉක්මවයි, මරන ලක්ෂ 4 ඉක්මවයි.

0
444

ලොව කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 70 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්යාඛව 7,009,132 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලොව පුරා කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව මේ වන විට 402,696 ක් සිදුව තිබේ.

මේ අතර කොවිඩ් නයින්ටීන් රෝගය ව්‍යාප්ති ලැයිස්තුවේ පෙරමුණේ පසුවන අමෙරිකාවෙන් කොවිඩ් නයින්ටීන් රෝගීන් 1,988,700 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ 112,101 ක් සිදුව තිබේ.

නමුත් වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයෙන් මේ වන විට වාර්තාව ඇත්තේ රෝගීන් 83,036 ක් සහ මරණ 4,634 ක් පමණි.