ඔලිවියර් සම්මාන උළෙලේ හොඳම නළුවා හිරාන්

0
73

ලන්ඩනයේ ඊයේ පැවති කීර්තිමත් ලෝරන්ස් ඔලිවියර් රංගන සම්මාන ප්‍රදානයේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු වන හිරාන් අබේසේකර සමත්වුණා.

ඒ, ඔහු රඟපෑ ලයිෆ් ඔෆ් පායි වේදිකා නිර්මාණයේ පායි ගේ චරිතය රඟපෑම වෙනුවෙන්.

නෞකාව බිඳී අතරමං වන යෞවනයෙකු සහ බෙංගාල ව්‍යාඝ්‍රයෙකු වටා ගෙතුණු ගවේෂණාත්මක වෘතාන්තයක් වන ලයිෆ් ඔෆ් පායි හොලිවුඩ් සිනමා පටයක් ලෙසද එළිදැක්වුණා.

හිරාන් අබේසේකරට සම්මාන හිමිවුණේ ලයිෆ් ඔෆ් පායි වේදිකා රංගනය වෙනුවෙන්.

ලෝරන්ස් ඔලිවියර් සම්මාන ප්‍රදානය සිදුකරනු ලබන්නේ ලන්ඩන් රංගන සමාජය විසින්.

ඒ අනුව මෙය ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු අන්තර්ජාතික තලයේදී ජයග්‍රහණය කළ ඉහළම සම්මානය ලෙස සැළකිය හැකියි.

සිය ජයග්‍රහණයෙන් අනතුරුව වේදිකාවේදී අදහස් දැක්වූ හිරාන් අබේසේකර සිංහල බසින් සිය ශ්‍රී ලාංකික සහෘදයන් ආමන්ත්‍රණය කිරීමටද අමතක කළේ නැහැ.

ශ්‍රී ලංකාව අමාරු අවස්ථාවක හිටියත් “මචංලා මම උඹලට ආදරෙයි, ජයවේවා! –
“සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්ථා”