හෙට සිට දිවයින පුරා පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ඇරඹීමට අනුමැතිය

0
457

සියලු දිස්ත්‍රික්කවල සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා හෙට(08) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට අනුමැතිය දුන් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ අතර හෙට සිට බස්නාහිර පළාත තුළ මංතීරූ නීතිය යළි ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

පොදු ප්‍රවාහන සේවා හෙට සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය සැලසුම් කළ පරිදි ලංගම සතු සියලු බස් රථ හෙට සිට ධාවනයේ යෙදවීමට පියවර ගෙන තිබේ.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ හෙට සිට, සියලුම කාර්යාල දුම්රිය සහ රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කිරීමට නියමිත බවයි