කංජිපානි ඉම්රාන්ගේ සිරකුටිය හදිසි පරික්ෂාවකට, දුරකථන 2 ක් ඇතුළු උපකරණ කීපයක් සොයා ගනී

0
547

බූස්ස බන්ධනාගාර කඳවුරේ සිදුකළ විශේෂ සෝදිසියක දී කංජිපානි ඉම්රාන් නමැති රැදවියාගේ සිරකුටියේ තිබී දුරකථන 2 ක්ඇතුළු උපකරණ කිහිපයක් සොයා ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් ඊයේ(06) පස්වරුවේ මෙම සෝදිසි කිරීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

එහිදී කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ සිවිලිමේ සූක්ෂම ලෙස සඟවා තිබූ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක්, සාමාන්‍ය දුරකථනයක්, සිම් කාඩ්පත් දෙකක්, දුරකථන චාජරයක් සහ හෑන්ඩ්ෆී උපකරණයක් එම ස්ථානයේ තිබී සොයා ගෙන තිබේ.