Online Class යන්න පහසුකම් නැතුව 14 හැවිරිදි දැරියක් සියදිවි නසාගෙන

0
298

ඉන්දියාවේකේරළ ප්‍රාන්තයේ වලන්චෙරිහි පදිංචි ව සිටි 14 හැවිරිදි දේවිකා බාලක්‍රිෂ්ණන්, සියදිවි නසාගෙන ඇත්තේ ඇයට අන්තර්ජාල පහසුකම් නොමැති නිසා අන්තර්ජාල පන්තිවලට පිවිසීමට නොහැකිවීම හේතුවෙනි.

අසනීප තත්ත්වයක් හේතුවෙන් මෑතකදී රැකියාවක් කිරීමට පොරබදමින් සිටි ඇගේ පියා ප්‍රාදේශීය මාද්‍ය වෙත පවසා ඇත්තේ තම දියණියට පහසුවෙන් පන්තිවලට සම්බන්ධ වීමට නොහැකි වීම නිසා මානසික අවපීඩනයට පත්ව සිටින්නට ඇති බවයි.

“නිවසේ රූපවාහිනියක් ඇත, නමුත් එය ක්‍රියාත්මක නොවේ. ඇය මට කීවා එය අලුත්වැඩියා කර දෙන ලෙස, යුතු නමුත් මට එය සිදු කළ නොහැකි විය. මට ස්මාර්ට් ජංගම දුරකතනයක් හෝ ලබා ගත නොහැකි විය”

“ඇය මෙය කළේ ඇයිදැයි මම නොදනිමි. මිතුරෙකුගේ නිවසකට යාම වැනි විකල්පයන් දෙස බැලිය හැකි යැයි මම කීවෙමි,” ඔහු පැවසීය.

තරුණියගේ මව සති කිහිපයකට පෙර දරු ප්‍රසූතියක් සිදු කර ඇති අතර පවුලට මුදල් නොමැති තරම්ය.

පෙරවරු 10.00 වන විට සිසුවිය ඇගේ නිවසින් අතුරුදහන් වී ඇති අතර ඇගේ පිළිස්සුණු සිරුර පස්වරු 3.30 ට පමණ ඇගේ නිවස අසල පාළු ස්ථානයක තිබී හමුවිය. දැරිය සිය සිරුරට ගිනි තබාගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම ඛේදජනක සිද්ධිය සම්බන්ධයෙන් කේරළ අධ්‍යාපන අමාත්‍ය සී රවීන්ද්‍රනාත් මහතා දිස්ත්‍රික් මට්ටමේ අධ්‍යාපන නිලධාරීන්ගෙන් වාර්තාවක් ඉල්ලා තිබේ.

” පවුල මූල්‍යමය වශයෙන් දැඩි පීඩාවට පත්ව සිටි අතර, දැරිය කනස්සල්ලට පත්වන්නට ඇත්තේ ඇයට වැඩිදුර හැදෑරීමට නොහැකි වනු ඇතැයි හෝ ඇගේ අධ්‍යන කටයුතුවලට බලපෑමක් වනු ඇතැයි යනුවෙන් ” ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඉන්දීය මාධ්‍ය වෙත පැවසා ඇත.