සාමකාමී විරෝධතාකරුවන්ට නොමිලේ බස්රථ

0
37

රජයට එරෙහි සාමකාමී විරෝධතාවල නිරතවන තරුණ පිරිස් සදහා නොමිලේ බස්රථ ලබාදීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවසුවේ සාමකාමී විරෝධතාවල නිරතවන තරුණ පිරිස් වෙනුවෙන් දිවයිනේ ඔ්නෑම ස්ථානයකින් කිසිදු ගාස්තුවක් අය නොකර බස් රථ ලබාදීමට පෞද්ගලික බස් හිමියන්ට උපදෙස් දී ඇති බවයි.

මීට අමතරව රජයට විරෝධය පල කරමින් ඉදිරි දිනක පාර්ලිමේන්තු සංකීර්ණය අවට මාර්ග බස්රථ යොදවා අවහිර කිරීමට සංගමය තීන්දුවක් ගෙන ඇති බවයි.

මේ අතර ලබන 6 වැනි සිකුරාදා පවත්වන හර්තාල් ව්‍යාපාරයට සහයෝගය ලබා දෙන්නේ ද යන්න මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් පැවසීය.