ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වාර්ෂික ප්‍රසාද ලකුණු සටහන ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම නව ප්‍රසාද ලකුණු සටහනේ ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ
පිළිවෙලින් 7,8,9 යන ස්ථානයන්ය.
ටෙස්ට් ප්‍රසාද ලකුණු සටහනේ මුල්තැන හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 128ක්
හිමිකර ගනිමිනි.
එක්දින ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 125ක් හිමිකරගත් නවසීලන්තය ප්රමුඛ ස්ථානයේ පසුවන අතර විස්සයි
විස්ස ශ්‍රේණිගත කිරීම්හි ප්‍රථමයා වී ඇත්තේ ලකුණු 270ක් හිමි කරගෙන සිටින ඉන්දියාවයි.
ශ්‍රී ලංකාව විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි 9 වන ස්ථානයේ පසුවුවද එක් ප්‍රසාද ලකුණක් හිමිකර ගැනීමට සමත්ව
ඇත.