වනිඳුගේ කඩුලු 5 බැංගලෝර්ට ජය ගෙනෙයි

0
23

වනිඳු හසරංගගේ (18/5) පන්දු යැවීමත්, ෆෆ් ඩුප්ලේසීස් (නොදැවී 73) ඇතුළු පිතිකරුවන්නේ දක්ෂතාව හේතුවෙන් සන්රයිසස් හයිද්‍රාබාද් පිලට එරෙහිව මුම්බායිහිදී අද(8 වැනිදා) පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 54 වැනි තරගය ලකුණු 67 කින් ජය ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 193 ක ඉලක්කයක් හඹාගිය සන්රයිසස් හයිද්‍රාබාද්පිලට ඕවර 19.2 කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 125 ක් පමණි.

විස්සයි20 ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ වනිඳු හසරංග සිය ඕවර 4 ලකුණු 18 කට සීමාකරමින් නිලකුණු ඕවරයක් සමගින් කඩුලු 5 ක් දවාගැනීමට සමත්විය. ජොෂ් හේසල්වුඩ් ලකුණු 17 කට කඩුලු 2 ක් දවා ගනිමින් බැංගලෝර් පිලේ ජයග්‍රහණයට දායක වූහ.

කාසිය වාසියා දිනූසන්රයිසස් හයිද්‍රාබාද් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු192 ක් රැස්කිරීමට සමත්විය.

තරගයේ වීරයාට හිමි සම්මානය වනිඳු හසරංග දිනාගැනීමට සමත්විය.