සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන දහස ඉක්මවයි

0
503

ඊයේ (09) තවත් කොවිඩ් ආසාදිතයන් 67 දෙනෙකු සුවය ලබා පිටවයාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන දහස ඉක්මවා ඇත.

ඒ අනුව මේ වන විට සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 1057 ක්.

මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති කොවිඩ් 19 ආසාදිතයින් ගණන 1857 ක්

අද සුවය ලැබූ 67 දෙනා සමගින් සුවය ලැබූ සමස්ත ගණන 1057 ක් වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 53.54 ක්.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන ගණන 789 ක් වන අතර එය සියයට 46.45 ක ප්‍රතිශතයක්.

සිදුව ඇති මරණ ගණන 11 ක් වන නමුත් එය සමස්ත ආසාදිත සංඛ්‍යාවෙන් සියයට 0.59 ක තරම් සුළු අගයක පවතියි.

තොරතුරු – වසංගත රෝග විද්‍යා අංශයේ දෛනික වාර්තාව ඇසුරිනි