පසුගියදා ඇමරිකාවේ සාමාන්‍ය කළු ජාතිකයකු වන George Floyd ව එරට පොලිස් නිලධාරියකු විසින් බෙල්ල හිරකර මරා දැමීමට එරෙහිව ලොව විවිධ ක‍්‍රීඩාවල නිරත ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ එය හෙළා දකිමින් අදහස් දක්වති.
ඒ අතර ඇමරිකානු නැගී එන ටෙනිස් ක‍්‍රීඩිකාවක වන Taylor Townsend පවසන්නේ කළු ජාතික ක‍්‍රීඩිකාවන්ව වරදවා වටහා නොගන්නා ලෙසයි.
24 හැවිරිදි ටේලර් වීඩියෝවක් නිකුත් කරමින් ජෝර්ජ්ගේ මරණයෙන් පසුව ඇවිළී යන ජාතිවාදය සම්බන්ධව වැඩිදුරටත් මෙසේ සඳහන් කළාය.
‘‘අපි සියලූ දෙනා එක හා සමානයි. අපහසුතාවට පත්නොවන්න, බිය නොවන්න, විවෘත මනසික් සහ අවබෝධයෙන් කාරුණිකව සිතන්න. සෑම කළු ජාතිකයකුම එක හා සමානයි. ’’
ඇමරිකාව පුරා නැගෙන ජාතිවාදී විරෝධතාව හේතුවෙන් මීට පෙර බටහිර ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වන ඩැරන් සමී සහ ක‍්‍රිස් ගේල්ද අදහස් දක්වා තිබුණි.
මීට අමතරව ශ‍්‍රී ලංකාවේ හිටපු ක‍්‍රිකට් නායක කුමාර් සංගක්කාරද අදාළ සිද්ධිය සම්බන්ධව ට්විටර් සටහනක් නිකුත් කරමින් සාමය අගයා වර්ගවාදය හෙළා දකින සටහනක් තබා තිබුණි.