නිරෝධායන කාලය සදහා ලැබුණු අසාමාන්‍ය විදුලි බිල්

0
691

ගෙවුණු මාස දෙකක කාලය සඳහා අසාමාන්‍ය ලෙස වැඩි අයකිරීම් සහිත විදුලි බිල්පත් ලැබුණු බවට ප්‍රෙද්ශ කිහිපයක විදුලි පාරිභෝගිකයන් චෝදනා කරයි.

කෙසේ වෙතත් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ අසාමාන්‍ය ලෙස විදුලි බිලෙහි වැඩිවීමක් ඇත්නම් එය නිවැරදි කිරීමට කටයුතු කරන බවයි.

පසුගිය මාර්තු 20 වැනිදා සිට සෑම දිස්ත්‍රික්කයකටම අඛණ්ඩව හෝ කඩින්කඩ ඇඳිරි නිතිය පැනවීම හේතුවෙන් ජල , විදුලි සහ දුරකතන බිල්පත් සාමාන්‍ය පරිදි නිවෙස්වලට ලැබීමේ කටයුතුද අඩපණ විය.

ඒ අනුව ගෙවුණු මාස දෙකක කාලය සඳහා විදුලි බිල්පත් ලැබීමේදී ඒවායෙහි අසාමාන්‍ය ලෙස වැඩි අයකිරීම් සටහන්ව තිබුණු බවට විදුලි පාරිභෝගිකයන් චෝදනා කරයි.

මාසික විදුලි බිල ගණනය කරන විට, ඒකක 0 ත් 30ත් අතර ඒකකයක් සඳහා රුපියල් 2.50 ක් සහ රුපියල් 30 ක ස්ථාවර ගාස්තුවක්ද,

ඒකක 31ත් 60ත් අතර ඒකකයක් සඳහා රුපියල් 4.85 ක් හා රුපියල් 60 ක ස්ථාවර ගාස්තුවක්ද,

ඒකක 61ත් 90ත් අතර ඒකකයක් සඳහා රුපියල් 10 ක් හා රුපියල් 90 ක ස්ථාවර ගාස්තුවක්ද,

ඒකක 91ත් 120ත් අතර ඒකකයක් සඳහා රුපියල් 27.75 ක් හා රුපියල් 480 ක ස්ථාවර ගාස්තුවක්ද අය කරයි

මේ ආකාරයට මාසිකව භාවිත කරන ඒකක ගණන ඉහළ යන විට විදුලි ඒකකයක මිල සහ ස්ථාවර ගාස්තුව ක්‍රමයෙන් ඉහළ යයි.