ඔස්ට්‍රේලියාවට ලකුණු 301ක ඉලක්කයක් – වැස්සෙන් තරඟයට බාධා

0
42

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරඟයේ පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දු වාර 50 අවසානයේ කඬුලු 07 ක් දැවී ලකුණු 300 ක් රැස් කර ගනු ලැබුවා.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි පැතුම් නිස්සංක ලකුණු 56 ක් සහ දනුෂ්ක ගුණතිලක ලකුණු 55ක් රැස් කිරීමට සමත් වුණා. ඔවුන් දෙදෙනා අතර පළමු කඬුල්ල වෙනුවෙන් ලකුණු 115 ක සබඳතාවක් ගොඩනැගුණා. ධනංජය ද සිල්වා රැස් කළේ ලකුණු 07 ක් පමණයි. චරිත් අසලංක ලකුණු 37ක් රැස් කර ගනු ලැබුවා.

අද දිනයේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 86ක් රැස්කර ගනු ලැබුවා. ඔහුට අනගි සහයක් ලබා දෙමින් වනිදු හසරංග පන්දු 19 කදී ලකුණු 37ක් රැස්කර ගනු ලැබුවා.

ඔස්ට්‍රේලියානු පිලේ ජායි රිචඩ්සන් විසින් යවන ලද තරගයේ 49 වෙනි පන්දු ඕවරයේදී වනිදු හසරංග විසින් හතරේ පහරවල් 5ක් සමග ලකුණු 22ක් රැස්කිරීමට සමත් වුවා.

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරංග එය මේ වන විට වර්ෂාව හේතුවෙන් නතර කර තිබේ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඔස්ටඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 12 යි පන්දු හතරක් අවසානයේ කඩුළු 2ක් දැවී ලකුණු 72 ක් ලබාගෙ ගෙන සිටියි.