එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමෙන් ලෝක වාර්තාවක්

0
28

එක්දින ජාත්‍යන්තර තරගයකදී එක් කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව සඳහා වාර්තාව අලුත් කිරීමට
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (17) සමත්විය.

ඒ එංගලන්ත – නෙදර්ලන්ත පළමු එක්දින තරගයේ දී සිය ඉනිම සඳහා පන්දු ඕවර 50දී කඩුලු 4ක් දැවී ලකුණු
498ක් රැස් කරමිනි.

එහි මීට පෙර වාර්තාව සතු වූයේ ද එංගලන්ත කණ්ඩායමට යි. එය ලකුණු 481කි. තරගයේ කාසිය වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්ත කණ්ඩා යමට ලබා දුනි.

ඒ අනුව ඔවුන් සිය පන්දු ඕවර 50දී කඩුලු 4ක් දැවී ලකුණු 498ක් ලබා ගත්තේ ය.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන්, ෆිල් සෝල්ට් ලකුණු 122 (පන්දු 93), දා විඩ් ම්ලාන් ලකුණු 125 (පන්දු 109) සහ
ජොස් බට්ලර් නොදැවී ලකුණු 162 (පන්දු 70) ලෙස ශතක තුනක් රැස් කළහ.

එම තරගයේ දී එංගලන්ත පිතිකරුවන් 6 පහර 26ක් එල්ලකර ඇති අතර එයද ලෝක වාර්තාවකි.

එක්දින ජාත්‍යන්තර තරගයකදී එක් කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යා අනුපිළිවෙළ පහතින්,