ආර්ථික අර්බුද මැද තවත් රටක් IMF පිහිට පතයි

0
31

පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ ඉක්වදෝරය තුල ප්‍රබල ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මාලාවක් ආරම්භ වී තිබෙනවා. එම උද්ඝෝෂණ මෙහෙයවනු ලබන්නේ එරට විපක්ෂය විසින්.

පවතින ආර්ථික අර්බුදවලට විසදුම් සෙවීම සදහා ජාතයන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට ඉක්වදෝර රජය සූදානම් වන අතර විපක්ෂය ඊට විරෝධය පල කරනවා.

ඉක්වදෝරයේ විපක්ෂ කණ්ඩායම් පවසන්නේ පවතින අර්බුදවලට ඇති එකම විසදුම ජාතයන්තර මූල්‍ය අරමුදල වෙත යාම නොවන බවයි.

ආණ්ඩුවේ එම ක්‍රියාකලාපයට එරෙහිව මහජන විරෝධතා සංවිධාන කර ඇත්තේ ඉක්වදෝරයේ ආදීවාසී ජන කණ්ඩායම් නියෝජනය කරන විපක්ෂ ක්‍රියාකාරිනියක වන ලියෝනිදාස් ඊසා විසින්.

කොවිඩ් වසංගතයට මුහුණ දීමෙන් අනතුරුව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පෑමට ඉක්වදෝරයට සිදුව තිබෙනවා.

එරට සුලු පරිමාණ වයාපාරිකයින් බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති අතර රට තුල කැනීම් සහ ඉන්ධන ව්‍යාපෘතිද ඇන හිට ඇති බවයි වාර්තා වන්නේ.