පාපැදිකරුවන්ට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

0
55

පාපැදිකරුවන් ආරක්ෂිත හිස් වැසුමක් භාවිත කිරීම වඩා යෝග්‍ය බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර කොට්ඨාසයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මේ බව පැවසී්‍ය.

රාත්‍රී කාලයේදී පාපැදි භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන්ද ඔහු මෙලෙස පැහැදිලි කළා.

පාපැදියක තිබිය යුතු මූලික අංගයක් වශයෙන් ප්‍රධාන පහන් රාත්‍රී කාලයේදි දල්වාගෙන යායුතුයි. ඒවගේම පාපැදියේ පිටුපස ප්‍රතිපරාවර්ථක පහනක් තිබිය යුතයි.
ඒ වගේම පාපැදියේ තිරිංග තිබිය යුතුයි හදිසි අවස්ථාවකදී එය නවාතා ගැනීමට.

පාපැදියක් මෝටර් රථ වාහන පනත අනුව මාර්ගයේ ගමන් කරන අනෙකුත් වාහන ආ සමානයි. මාර්ගයේ වම්පසින් ගමන් කළ යුතුයි.

එමෙන්ම රාත්‍රී කාලයේ පාපැදියකින් ගමන් කරනවා නම් අදුරු පැහැති ඇදුමකින් තොරව, ලාපැහැති ඇදුමක් පැලද පාපැදියේ ගමන් කරනවා නම් හොදයි.

පාපැදිය හැරවීමේදී මාර්ග නීති අනුගමනය කරමින් අවධානයෙන් ගමන් කළ යුතුයි.