චමරි අතපත්තුගේ සුපිරි ඉනිම ලංකාවට ජය ගෙන එයි

0
29

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවැති තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලූ 7 ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(25) සමත් වුණා.

දඹුලු ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 138ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 17ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේ පන්දු 18කක් ඉතිරිව තිබියදීයි.

නායිකා චමරි අතපත්තු පන්දු 48ක් තුල නොදැවී ලකුණු 80ක් ලබා ගත්තේ හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමගින්. නිලක්ෂි ද සිල්වා ලකුණු 30යි

මෙය ඉතිහාසයට එක් වුණේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉන්දියානු කාන්තාවන් කණ්ඩායමක් පරාජය කළ පළමු අවස්ථාව ලෙසයි

ඒ අනුව දෙරට අතර පැවැත්වූ තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරගය 2-1 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වීම විශේෂත්වයක්.

තරගයේ වීරයා චමරි අතපත්තු වූ අතර තරගාවලියේ වීරයා Harmanpreet Kaut