බොලිවුඩ් නළු Sushant Singh Rajput සියදිවි හානිකරගෙන තිබේ.
මිය යන විට 34 හැවිරිදි වියේ පසුවු ඔහු මුම්බායිහි පිහිටි සිය නිවසේ දී සියදිවි හානිකරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ටෙලි නාට්‍ය මාලාවන් හරහා රංගන දිවියට පිවිසි Sushant Singh පසුව චිත්‍රපට රංගනයට යොමු වීය.
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක M S dhoni චරිතාපදානය මූලික කරගත් චිත්‍රපටයේ දෝනිගේ චරිතය නිරූපනය කිරීමේ අවස්ථාව ඔහුට හිමි විය.
සුශාන්ත් සින්ග්ගේ හිටපු කළමනාකාරවරිය ද පසුගිය සතියේ සියදිවි හානිකරගෙන තිබූ අතර එය ඉතා සංවේගජනක පුවතක් බව Sushant Singh සිය ටිව්ටර් ගිණුමේ සටහනක් ද තබමින් ප්‍රකාශ කර තිබුණි.