හිටපු අගමැති ගැන නවතම ආරංචිය

0
37

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දැඩි රෝගී තත්ත්වයෙන් පසුවන බවත් ඔහු කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් සඳහන් කරමින් අද සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වාර්තා පළවී තිබුණා.

මේ සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කරන්නේ මෙලෙස පළවන මාධ්‍ය වාර්තාව සත්‍යතාවක් නොමැති බවයි.

හිටපු අග්‍රාමාත්‍යවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වය පසු වන බවත් ඔහුගේ දෛනික රාජකාරි කිසිදු බාධාවකින් තොරව සිදු කරගෙන යන බවත් මාධ්‍ය අංශය සඳහන් කරනවා.