ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය කල්යයි

0
552

කොවිඩ් -19 වෛරසය හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය කල් දැමීමට තීරණය කර ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඉන්දීයව සහ ශ්‍රී ලංකාව අතර එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය ජුලි මස 24 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණි.

එම නිවේදනයේ තවදුරටත් සඳහන් කර තිබුණේ කොවිඩ් – 19 වෛසරයේ බලපෑම පහව යාමෙන් අනතුරුව ඉදිරි කාලයේ දී ඉන්දීය දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.