යුක්‍රේන ජනපති මැදුරටත් කොරෝනා

0
604

යුක්‍රේන ජනාධිපති ආර්යාවට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී තිබේ.

42 හැවිරිදි Olena Zelenska වන ඇය ප්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් යුක්‍රේන ජනාධිපතිවරයාට හෝ ඔවුන්ගේ දරුවන් දෙදෙනාට වෛරසය ආසාදනය වී නොමැති බවට සිදුකළ පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.

පසුගිය සතිය තුළ යුක්‍රේනයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් වාර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කළ අතර මේ වන විට එරටින් ආසාදිතයින් 32,476 දෙනෙකු සහ මරණ 912 ක් වාර්තා වී ඇති බව සඳහන්.