LPL 2022 තරගාවලිය දින නියමයක් නොමැතිව කල් යයි

0
24

වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය කල් දමා තිබේ.

2022 අගෝස්තු 1 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

රටෙහි වත්මන් ‘ආර්ථික තත්ත්වය’, තරඟාවලිය පැවැත්වීම සඳහා හිතකර නොවන බව සඳහන් කරමින් තරගාවලියේ හිමිකම් දරන්නා වන Innovative Production Group FZE (IPG) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනය පහතින්,