ආරාධිත T20 ශුරතාවය රෙඩ්ස් පිලට

0
12


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ ආරාධිත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් රෙඩ්ස් කණ්ඩායම සමත්වුණා. ඒ, ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් බ්ලූස් කණ්ඩායම පරාජයට පත් කරමින්. 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බ්ලූස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 136 ක් රැස් කළා. රෙඩ්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ කඩුළු 03 ක් පමණක් දැවී තිබියදීයි. එහිදී කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 56 ක් රැස් කළා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තරගාවලිය සංවිධාන කළේ එළඹෙන ආසියානු කුසලානය සහ පන්දුවාර 20 ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින්.