ආයෙත් රඟපාන්න, පුහුනුවීම් වලට අවස්තාව ලැබෙනකන් ඉවසීමක් නෑ – සෝනම් කපූර්

0
624

සෝනම් කපූර්ගේ ජනප්‍රියතම චිත්‍රපටයක් වන ‘Khoobsurat’ චිත්‍රපටයේ අවස්තාවකක් එක් කරමින් ඇය යළිත් චිත්‍රපට රූගත කිරීම් වලට පිවිසීමට කැමැත්තෙන් සිටින බව ප්‍රකාශ කර තිබේ.

ඇය තම තම ඉන්ස්ටග්‍රෑම් ගිනුමෙහි සටහනක් තබා තිබුනේ, තමාට චරිතයක් රඟපෑම තරම් වෙන සතුටක් නැති බවත්, ආදරය, හාස්‍යය ගැබ් වූ ‘Delhi 6’ චිත්‍රපටයේ ඇය නිරූපණය කළ ‘Mili’ චරිතයට ආදරය කරන බවත්ය.

Disney විසින් තිරගත කරන ලද චිත්‍රපටයක් වන ‘Khoobsurat’ නිකුත් වී වසර 6 ක් ගතවී ඇතත් එය දිගින් දිගටම ප්‍රේක්ශක හදවත් දිනා ගනිමින් අත.

මෙම චිත්‍රපටයෙන් රාජස්ථානයේ රාජකීය පවුලේ කුමාරයෙකු සහ නවදිල්ලියේ වෙසෙන වෛද්‍යවරියක අතර ඇතිවන ආදරය – වෛරය සම්බන්ධයෙන් විස්තර කෙරිණි.

චිත්‍රපටයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ වෛද්‍යවරියගේ චරිතය Sonam Kapoor විසින් නිරූපණය කළ අතර පකිස්ථාන සුපිරි තරුවක් වන Fawad Khan විසින් කුමාරයෙකුගේ චරිතය නිරූපණය කළේය.