ඉන්දියාවේ වැඩි වන කොරෝනා මරණ

0
671

ගත වූ පැය 24 තුල ලොව වැඩිම කොරෝනා මරණ ගණන ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ඒ අනුව එම මරණ සංඛ්‍යාව 2006ක් වේ.

එමෙන්ම ඊයේ දිනය තුල පමණක් එරට කොරෝනා ආසාදිතයින් 11,135ක් වාර්තා වුණා. ඒ අනුව එරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 354,000ට අධිකයි.

මේ වන විට ඉන්දියාවෙන් ලැබෙන වාර්තා සදහන් කරන ආකාරයට එරට රෝහල්වල දැඩි තදබදයක් පවතින හෙයින් එරට දුම්රිය මැදිරි තාවකාලික කොවිඩ් වාට්ටු ලෙස ද යොදා ගැනීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.