ශ්‍රී ලංකාවේ පළමු වරට ඉදි කරන ලද දිය යට කෞතුකාගාරය නාවික හමුදා පති වයිස් අද්මිරාල් පියල් සිල්වා විසින් විවෘත කරනු ලැබුවා.
නාවික හමුදාවේ පූර්ණ දායකත්වය සහිතව ඉදි කරන ලද මෙය දේශීය මෙන්ම විදේශීය සංචාරක ආකර්ශනය දිනා ගත් ගාල්ල මුහුදු තීරයේ පිහිටා ඇත.
නාවික හමුදාව විසින් සිමින්ති හා සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී ද්‍රව්‍ය වලින් කරන ලද නිර්මාණ රැසක් මෙහි ස්ථාපනය කර ඇති බව නාවික හමුදාව පවසයි.
එමෙන්ම කාලයක් ගතවන විට කොරල් පරිසර පද්ධතියක් නිර්මාණය වී තව තවත් එහි අලංකාරය වර්ධනය යනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනවා.
මෙම කෞතුකාගාරය ගාල්ල වරාය තුල අඩි 50 ක් පමණ ගැඹුරින් පිහිටා අති අතර අහි කිමිදුම් හෝ පිහිනුම් කටයුතු කරන ඕනෑම අයෙකුට නිරීක්ශණය වන පරිදි නිර්මාණය කර ඇත.
නාවික හමුදාව සදහන් කරන්නේ මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ කොරල්පර යළි වර්ධනය කර ගැනීම හා මත්ස්‍ය සම්පත වර්ධනය කර ගැනීම බවයි.
මෙම කෞතුකාගාරය විවෘත කිරීම්දී නාවික හමුදාපතිවරයා විසින් දිය යටදී පීත්ත පටිය කැපීම විශේෂත්වයක් විය
ඉතා නුදුරේදීම මෙම ප්‍රදේශය දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් සඳහා විවෘත වනු ඇත.
තවත් මෙවැනි දිය යට කෞතුකාගාර 2ක් ත්‍රීකුණාමලය සහ තංගල්ල ප්‍රදේශයේ අදි කිරීමට අපේක්ෂා කරන බව නාවික හමුදාව පවසයි.