අඩු ආදායම්ලාභි පවුල් වෙසෙන සියලුම නිවාස සඳහා සූර්ය බල විදුලි උත්පාදන කට්ටල නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් බදාදා (17) පැවති අමාත්‍ය මණ්ඩල රැස්විමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමාට උපදෙස් ලබාදුන් බව විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මෙම වැඩපිළිවෙල යටතේ රට තුළ විදුලි පහසුකම් නොමැති පවුල් 12,500 ක් ද ඇතුළත්ව අඩු ආදායම්ලාභි සියලුම පවුල් සඳහා නොමිලේ විදුලි බලය ලබාදීම මෙහි අරමුණ වේ.