මුල්කිරිගලට ගුවනින් වැඩමවූ සමාධි ප්‍රතිමාව

0
603

ඓතිහාසික මුල්කිරිගල රජමහා විහාරයේ තැන්පත් කිරීම සඳහා නිර්මාණය කෙරුණු ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් අද (19) විහාරස්ථ උඩමළුව වෙත වැඩමවනු ලැබීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ MI 17 වර්ගයේ හෙලිකොප්ටරයක් භාවිතා කරමින් වැඩමවන ලද මෙම ප්‍රතිමාව කිලෝග්‍රැම් 3200ක් පමණ බරින් සහ අඩි 7 1/2 පමණ උසකින් යුක්ත වේ.

බුද්ධ ප්‍රතිමා වහන්සේ එළඹෙන ඇසළ පුන් පොහෝ දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නිරාවරණය කිරීමට නියමිතය.