ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙයි

0
434

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී Kevin Roberts සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හමුවේ කටයුතු කළ ආකාරය පිළිබඳ විවිධ පාර්ශවවලින් ඔහුට චෝදනා එල්ල වී තිබුණි.

ඒ අනුව 2018 වසරේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත්වූ කෙවින් රොබර්ට්ස් සිය ධුර කාලය තවත් මාස 18ක් ඉතිරිව තිබිය දී මෙසේ ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පුරප්පාඩු වු ධුරය සඳහා තාවකාලික පදනම මත නික් හෝක්ලි පත් කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.