වෛරස් බිය නොසලකා ඡන්ද රැස්වීමට පැමිණි ට්‍රම්ප් ආධාරකරුවන්

0
436

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආධාරකරුවන් කොරෝනා වයිරස් බිය නොතකා තුල්සා රැලියට සහභාගී වේ

මෙය කොරෝනා වසංගත තත්වය නිසා එරට අඟුලු දැමූ මාර්තු මාසයෙන් පසුව පවත්වන ලද පළමු ප්‍රචාරක රැලියයි

මේ සතිය මුලදී ට්‍රම්ප් මහතා සිය ට්විටර් ගිනුමෙහි සටහන් කර තිබුනේ මිලියනයකට ආසන්න පිරිසක් මෙම රැස්වීම සඳහා ප්‍රවේශ පත්‍ර ඉල්ලා ඇති බවයි.

ආසන 19,000 කින් යුත් මෙම ක්‍රීඩාංගණය සම්පුර්ණයෙන්ම පිරී ඇති අතර පිටත ඇති ප්‍රදේශය ඇමතීමේ සැලසුම් අත්හැර දමන ලදී.

රැලියට පැය කිහිපයකට පෙර, එය සංවිධානය කිරීමට සම්බන්ධ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු කොවිඩ් -19 ධනාත්මක බව තහවුරු වී තිබේ. මෙම සිදුවීම මගින් කොවිඩ් -19 පැතිරීම වැඩි කළ හැකි බවට සැක පහළ විය.

ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක රැලිය රටේ කොවිඩ් -19 තත්වය නිසා අඟුලු දැමූ මාර්තු මාසයෙන් පසුව පවත්වන ලද විශාලතම ගෘහස්ථ රැස්වීම්වලින් එකකි.

කෙසේ වෙතත් සිය ආරම්භක දේශනයේදී ට්‍රම්ප් මහතා කියා සිටියේ “පිටත ඉතා නරක මිනිසුන් සිටි බවත් ඔවුන් නරක දේ කරන බවත්ය” නමුත් එය විස්තාරණය නොකළේය.

කොරෝනා වෛරස් අනතුරු ඇඟවීම් නොතකා සහභාගී වූ ඔවුන් “රණශූරයන්” බව පැවසූ ඔහු “නිහඩ බහුතරය” වෙන කවරදාටත් වඩා ශක්තිමත් බව පැවසීය.

Johns Hopkins විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනුව,මේ වන විට එක්සත් ජනපදයේ කොවිඩ් -19 ආසාධිතයින් මිලියන 2.2 ඉක්මවන අතර ඊට සම්බන්ධ මරණ 119,000 කට වඩා වාර්තා වී ඇත.

BBC News වෙබ් අඩවිය ඇසුරිනි.