කොවිඩ් 19 ආසාදිතයින් ලක්ෂ 90 ඉක්මවයි පූර්ණ සුවය ලැබූවන් ලක්ෂ 40 යි

0
292

ලොවපුරා වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින්ගේ ගණන ලක්ෂ 90 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව රටවල් සහ ස්වාධීන රාජ්‍ය 213 කින් වාර්තා වන ආසාදිතයින් ගණන 9037950 කට අධික බව විදෙස් වාර්තා සඳහන් කළේය.

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ලොවපුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 469600 කට අධික බව සඳහන්.

කෙසේවෙතත් ආසාදිතයින් 4097466 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

කොවිඩ් 19 වෛරසයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති අමෙරිකාවේ පසුගිය පැය 24 තුළ ද නව ආසාදිතයින් 25221 දෙනෙකු හදුනාගැනීමත් සමඟ එරටින් වාර්තා වන ආසාදිතයින්ගේ ගණන 2355799ක් බව සඳහන්.

දෙවනියට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාව බ්‍රසීලයෙන් මේ වන විට ආසාදිතයින් 1086990 දෙනෙකු හඳුනා ගෙන තිබේ.