කොරෝනා ආසාදිතයින් ගණන 2000 ඉක්මවයි

0
565

නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2001 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව අද (24) දිනය තුළ හඳුනාගත් ආසාදිතයින් ගණන 10කි.

නාවික හමුදා සාමාජිකයින් තිදෙනාට අමතරව අද හඳුනාගත් අනෙක් ආසාදිතයින් අමෙරිකාවේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටි පිරිසකි.