ප්‍රතිශක්තිය වඩවන ඖෂධීය ශාක

0
958

ප්‍රතිශක්තිකරණය වඩන ඖෂධ වර්ග පිළිබඳව මේ දිනවල බොහෝ සෙයින් කතාබහට ලක්කරන්නේ පවතින වසංගත රෝග මර්දනයට එවැනි ඖෂධ බෙහෙවින් ඉවහල් වන බැවිනි.

ඕනෑම වසංගත රෝගයකදී වුවද අපගේ ප්‍රතිශක්තිය වැඩිවන තරමට එම රෝගවලට මුහුණදීමේ හැකියාව ලැබේ.

ඒ අනුව ආයුර්වේදයේ සඳහන් වන අන්දමට මේ ප්‍රතිශක්තිය වඩන ඖෂධ වර්ග අපව නීරෝගීව තැබීමට හා ප්‍රමාණවත්ව තැබීමට උදව්වන බව සැබෑවකි.

එවැනි ඖෂධ වර්ග කිහිපයක් පිළිබඳව විමසා බලමු.

ලුණුවිල

බුද්ධි වර්ධනය වැඩි කිරීමට ඉවහල් වන ලුණුවිල කුඩා ළමයින්ට ඉතා ගුණදෙන ආහාරයකි. සතක ශක්තිය වර්ධනය කරන ඖෂධීය පානයකි.

උදරාබාධවලදී කුඩා ළමයින්ට ලුණවිල තමිබා බොන්නට දෙයි. බඩ බුරුලට යාමේදී එය වැඩියෙන් සිදුවන විට ලුණුවිල ලබාදීම සිදුකරයි.

නමුත් එය ලබාදීමේදී වෙෙද්‍ය උපදෙස් මත සිදු කළ යුතුය.

අපස්මාර රෝගයේදී ලුණුවිල ඖෂධයක් ලෙස වෙනත් ඖෂධ සමඟ සංයෝග කර භාවිතා කරයි. ලුණුවිල රක්ත ශෝධනය සිදුකරයි. එනම් රුධිරය පිරිසිදු කිරීමයි.

ඒ නිසා කුඩා දරුවන්ගේ රත බිබිළි සුවපත් කරයි. සමේ රෝග කැසිලි, දද වැනි අවස්ථාවලදී ලුණුවිල ඉතා හොඳ ඖෂධයක් ලෙස ක්‍රියා කරයි.

මේ මඟින් සම නීරෝගී කරයි. සම පැහැපත් කරයි. සම වියළි බවෙන් දුරුකරයි. මල හොඳින් පිට කරයි. ඒවා පිට කිරීමට පහසුකරයි. මලබද්ධය දුරු කරයි.

ආහාර හොඳින් ජීර්ණයවීම සිදු කරයි. සම දීප්තිමත්ව තබයි. ඇස්වල පෙනීම වැඩි දියුණු කරයි. ඇස්වල දීප්තිමත්භාවය වැඩි කරයි.

ඇස ප්‍රාණවත්ව තබයි. ඇස නීරෝගීව තැබීමට ලුණුවිල ඉටු කරනුයේ අනුපමේය මෙහෙයකි.

ස්නායු ශක්තිමත් කරයි. ඒ නිසා සිරුරේ සෑම ඉන්ද්‍රියක්ම ක්‍රියාකාරීව තබයි. ඇවිදීමට ඇති අපහසුව නැති කරයි. මෙමඟින් ශක්තිය හා බලය වැඩිකර දෙයි. සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරන අතර එය ප්‍රතිශක්තිය වර්ධක ලෙස භාවිතාවට ගත හැකියි.

කුඩා දරුවන්ගේ පණුරෝගවලට ගුණදායක වෙයි. ආහාර දිරවීමේ ශක්තිය අඩු අයට එය ශක්තිමත් කර දෙයි. හොඳින් ආහාර ජීර්ණය කර දෙයි. මළබද්ධය දුරුකරයි. බඩවැල් ශෝධනය කරයි. ආහාර හොඳින් දිරවීමේ පහසුව ඇති කරයි.

ලුණුවිල ආහාරයට ගැනීම නිසා කටහඬ මිහිරි කරයි. මේ සියල්ල තුළින් කායිකව හා මානසිකව සහනය ඇතිකරයි. මනස ප්‍රබෝධවත් කරයි. මුළු සිරුරේම පවතින ඉන්ද්‍රියන් මනා ලෙස පවත්වා ගැනීමට උදව් වේ. ඒ අනුව පුද්ගලයා නීරෝගීව සිටීමට පෙලඹේ.

ලුණුවිල තම්බා බීම (කෝප්ප 1/2 – වැඩිහිටියකුට, දරුවන්ට ලබාදීමේදී මත්‍රාවට අනුව සිදුකරයි.) ලිංගික ශක්තිය වැඩිකරයි. සිරුර ශක්තිමත්ව හා ක්‍රියාශීලීව තබයි.

තුවාල සුවවීමටද ලුණුවිල උදව්වේ. එය බාහිර ප්‍රතිකර්මයක් ලෙස සිදුකරයි. මුත්රා හොඳින් පිට කරයි. මුත්‍රා රෝග දුරු කරයි. මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව පවතින රෝග දුරුකරයි.

රසකිඳ

ප්‍රතිශක්තිය වර්ධක ඖෂධ අතර ඉහළින් සිටියි. රසකිඳ බොහෝ දුරට කෂාය වලට භාවිතා කරයි. රක්ත ශෝධකයකි. එවිට සිරුරේ රුධිර ගමනාගමනය පහසු කරයි.

ස්නායු පද්ධතිය පෝෂණය කරයි. මොළයට විශේෂයෙන් ගුණදායක වේ. ස්නායු හොඳින් ක්‍රියාත්මක වේ. රුධිරයේ ක්‍රියාකාරීත්වය මනා ලෙස සිදුවන නිසා සියලුම ඉන්ද්‍රියයන් ශක්තිමත් කරයි. එවිට සිරුර ප්‍රාණවත් වේ. ශක්ති වර්ධක පානයක් ලෙස හඳුන්වා දිය හැකියි.

රසකිඳ නෙල්ලි සමඟ මිශ්‍ර කර ගන්නා පානය ඉතාමත් ගුණදායක වේ. එය සමේ රෝග දුරු කිරීමට උදව්වේ. කකුල් පැලෙන රෝගය, පාදයේ දාහය, කැසී, බිබිළි දද වැනි සමට ඇතිවන අපහසුතා දුරු කිරීමට උදව්වේ. සිරුර සිසිලසින් තබයි.

උෂ්ණාධික බව දුරුකරයි. ආයුර්වේදයේ ප්‍රතිකාරවලදී ලබාදෙන ඖෂධවලට අනුපානයක් ලෙස බොහෝ අවස්ථාවලදී රසකිඳ භාවිතා වේ. කෑම රුචිය ඇති කරයි. සම ප්‍රභාවත්ව තබයි.

දත් ශක්තිමත් කරයි. නිය කෙස් වඩයි. රසාවගයන ගුණය ඉහළයි. තරුණ බව රැක දෙයි. සම ප්‍රාණවත්ව තබයි. සිරුරේ නීරෝගී බව ආරක්ෂා කරයි. හිස රුදාවට සුදුසුයි.

ඉරමුසු

ඉරමුසු ප්‍රණීත, ඉතාමත් ගුණවත් පානයකි. රසවත් කැඳකි. ශාකයේ කොටස් සියල්ලම පාහේ ගනු ලබයි. වාතය හා පිත් සමනයට උදව්වේ. මුත්‍ර කාරකයි. මුත්‍රා හොඳින් පිටකරයි. මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව ඇති රෝග දුරුකරයි. මුත්‍රා පද්ධතිය නිසි අයුරින් පවත්වා ගැනීමට උදව් කරයි.

නිතර දහඩිය දමන සහ සමේ රෝග ඇති අයට ඉරමුසු ඉතාමත් ගුණවත් ඖෂධයක් වේ. සම ප්‍රභාවත් කරයි. ඉරමුසු සිරුර සිසිල් කරයි. සම පැහැපත් කරයි. සමේ වර්ණය වැඩිකරයි.

ලප කැළැල් නැති කරයි. මුත්‍රා හොඳින් පිටකරයි. ඇසේ දීප්තිය වැඩිකරයි. ඇසේ කැසීම, දැවිල්ල නැති කර දමයි. මුත්‍රා දැවිල්ල ඇති අයට ගුණදායක වෙයි.

කාන්තා රෝගවලට ඉරමුසු ගුණදායක වෙයි. උදාහරණ ලෙස රක්ත ප්‍රදරය, ශ්වේත ප්‍රදරය (ඇඟ උණුකරවා යෑම) වැඩිපුර රුධිරය පිටවීම හෙවත් ඔසප් චක්‍රය අක්‍රමවත්වීම වැනි අවස්ථාවලදී ද බඩේ දැවිල්ල (අම්ල පිත්ත) රෝගයට මෙය ගුණදායක වෙයි. ගිලිහීගිය ධාතු ශක්තිය නැවත ඇතිකරයි.

අක්ෂි රෝගවලදී හා හිසේ රෝගවලදී බෙහෙවින්ම තැවිලි පොට්ටනි සඳහා භාවිතා කරයි. ඇසේ දැවිල්ලට ගුණදායකයි. නගනවලදී ගුණදායකවෙයි. පාදයේ දැවිල්ල හා කකුල් පැල්ලම්වලට ගුණයි. මෙහිදී ඖෂධීය පානයක් ලාස භාවිතා කළ හැකියි.

මලබද්ධය දුරුකරයි. ආහාර ජීර්ණ පද්ධතියට ගුණදායකයි. කෑම රුචිය වැඩි කරයි. උණුසුම් පානයක් ලෙස භාවිතා කිරීමේදී මලබද්ධය දුරුවේ. සිසිල් පානයක් ලෙසද භාවිතා කළ හැකියි.

ශක්ති වර්ධක පානයකි. සිරුරේ ගෙවීගිය කොටස් නැවතත්ව වර්ධනය කර දෙයි. රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව වැඩිදියුණු කරයි. විශේෂයෙන් අක්ෂි රෝගවලදී බාහිර ප්‍රතිකාර සඳහා යොදා ගනී.

ඉරමුසු පානයක් ලෙස තේ මෙන් ප්‍රයෝජනයට ගත හැකියි. ඊට අමතරව ඉතාමත් රසවත් කැඳ පානයක් ලෙස ගත හැකියි.

අන්තර්ජාලය සහ ආරෝග්‍යා පුවත්පත ඇසුරිනි