කරච්චි කොටස් වෙළෙඳපොළට ත්‍රස්ත ප්‍රහාරයක්

0
628

පකිස්තානයේ කරච්චි නුවර පිහිටි කොටස් වෙළෙඳපොළ ගොඩනැගිල්ලට අද (29) පෙරවරුවේ ගිනිඅවි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

පාකිස්තාන මාධ්‍ය පවසන්නේ ප්‍රහාරකයින් අත්බෝම්බ සහ ගිනිඅවිවලින් ගොඩනැගිල්ලට පහර දුන් බවයි.

ප්‍රහාරය සදහා පැමිනි තුවක්කු කරුවන් සිව් දෙනාම ආරක්ශක අංශ එල්ල කල වෙඩි ප්‍රහාර වලින් මිය ගොස් ඇත.

මීට අමතරව එක් පොලිස් නිලධාරියෙකු සහ කොටස් වෙළදපොල ආරක්ශක නිලධාරීන් දෙදෙනෙකුද මිය ගොස් ඇත.

මෙම ගොඩනැගිල්ල අධි ආරක්ෂිත කලාපයක පිහිටා ඇති අතර බොහෝ පෞද්ගලික බැංකුවල ප්‍රධාන කාර්යාලද මෙම ගොඩනැගිල්ලේ පිහිටා ඇත.