ප්‍රේමදාස ආණ්ඩුවෙන් එල්.ටී.ටී.ඊ.යට ආයුධ දුන්නේ ඉන්දීය හමුදාව පරාජය කිරීමට – ගාමිණි ජයවික්‍රම පෙරේරා

0
535

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එල්.ටී.ටී.ඊ සංවිධානයට අවි ආයුධ ලබා දුන්නේ ඉන්දීයානු හමුදාව පරාජය කිරිමේ අරමුණින් බව ප්‍රේමදාස ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

කුරුණැගල ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.

එම අවස්ථාවේ දී ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් හමුදාව මෙයට විරුද්ධව නොයැවු බවද, මේ අවස්ථාවේ දි ප්‍රභාකරන් සාම සාකච්ඡා පවත්වමින් සිටි බවද සඳහන් කළේය.