ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ප්‍රකාශයක් ලබා දීම සඳහා කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත පැමිණ තිබුනා.
අද (02) පෙරවරු 09.00ට පමණ ඔහු “කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය” වෙත පැමිණි අතර පැය 9කට ආසන්න කාලයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඔහු එම ස්ථානයෙන් පිටත්ව ගියා.
ඔහු එම ඒකකය වෙත කැඳවා තිබුණේ 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේදී පාවාදීමක් සිදුව ඇති බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාලවයි.