මුත්තයියා ප්‍රභාකරන් පොහොට්ටුවෙන් නුවරඑළියට

0
698

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතාගේ සහෝදරයෙක් වන මුත්තයියා ප්‍රභාකරන් දේශපාලනයට යොමු කරවන බව මුත්තයියා මුරලිදරන් පවසනවා.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත මෙම තීරණය ගත් බව මස්කෙලිය ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකට එක්වෙමින් ඔහු කියා සිටියා.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ මුත්තයියා මුරලිදරන් මහතාගේ සහෝදරයා වන මුත්තයියා ප්‍රභාකරන් මහතා මැතිවරණයට ඉදිරිපත්ව සිටී.

තමා ක්‍රීඩකයෙක් වශයෙන් මිනිසුන්ට උදව් කිරීමට බොහෝ සෙයින් ප්‍රිය කරන බව ද පැවසු මුරලිදරන් තමාට හෝ සහෝදරයාට කිසි දිනක මුදල් හෝ ප්‍රසිද්දිය වැදගත් නොවන බවත් අවශ්‍ය වන්නේ, මහජනතාවට උදව් කිරීම පමණක් බව වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.