පොලිසියේ විමර්ශන ඒකකයට පැමිණි මහේල ප්‍රකාශයක් නොදී පිටව යයි.

0
543

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහ තරගයේදී පාවාදීමක් සිදු වී ඇති බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කලා.

ඒ පිළිබඳ සිදු කරන විමර්ශනයට සාක්ෂි ලබා දීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන මහේල ජයවර්ධන අද දිනයේ ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණ තිබුණා.

අද (03) උදෑසන 9 ට පමණ එම ඒකකයට පැමිණි ඔහුට අද දින පැමිනෙන ලෙස නිළ වශයෙන් දැනුම් දීමක් සිදු කර නොමැති බැවින් සාක්ෂි ලබා දීමකින් තොරව ඔහු එම ස්තානයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් එහි නියෝජිතයෙක් සදහන් කර තිබුනේ මහේල ජයවර්ධන අද දිනයේ කැදවීමට අපේක්ශා නොකරන බවත්, ඔහුට ඒ වෙනුවට වෙනත් දිනයක් ලබා දෙන බවත්ය.

මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන විශේෂ ඒකකය වෙත පැමිණි අරවින්ද ද සිල්වා, උපුල් තරංග සහ කුමාර් සංගක්කාර යන අයගෙන් ප්‍රකාශ සටහන් කර තිබේ.