ජනපති අනුරපුරයෙන් මැතිවරණ සටන අරඹයි.

0
652

පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන ජන රැළි මාලාව අද අනුරාධපුරයෙන් ආරම්භ වුනා.

මෙම වැඩපිලිවෙල යටතේ ජනාධිපතිවරයා අනුරාධපුර දිස්ත්‍රීක්කයේ පොදුජන පෙරමුණ යටතේ තරඟ වදින සියලු අපේක්ශකයන් සමග සකච්ඡා කිරීමට සැලසුම් කට තිබෙනවා.

ඒ අනුව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර දිස්ත්‍රීක් කන්ඩායම් නායක අමාත්‍ය S M චන්ද්‍රසේන මහතා මුණගැසුණා.

ඒ තලාව ඊරියගමවැව අසල තම්මැන්නව නිදහස් උයනේදීයි.

එහි රැස්ව සිටි ජනතාව සමඟ සුහඳ කතාබහක නිරත වූ ජනාධිපති වරයාට ඔවුන්ගේ ගැටලු පිළිබඳ අවදානය යොමු කිරීමට හැකි වුනා.