2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟයේ දී පාවාදීමක් සිදුව ඇතැයි කියන සිද්ධිය පිළිබඳ සිදුකෙරෙන විමර්ශන අවසන් කිරීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.
මේ පිළිබදව සලකා බැලූ සියලු සාක්ෂි වලට අනුව තවදුරටත් එවැනි තරග පවා දීමක් ගැන කරුණු අනාවරණය වී නොමැති අතර එම නිසා ක්‍රීඩා විමර්ශන ඒකකය විසින් කරන ලද විමර්ශනය අවසන් කිරීමට තීරණය කර ඇත.
මෙහිදී අනාවරණය වු තොරතුරු අනුව සකස් කරන ලද වාර්තාවක් අද (03) දින වැඩබලන පොලිස්පති තුමා වෙත ඉදිරිපත් කර ඇත.
2011 ලෝක කුසලාන අවසන් මහා තරඟයේ දී පාවාදීමක් සිදුව ඇතැයි හිටපු ක්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් මැයි මස 24 වන දින ක්‍රීඩා වැරදි විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව ආරම්භ වූ විමර්ශනයට එවකට තේරීම් කමිටුවේ සභාපතිව සිටි අරවින්ද ද සිල්වා, එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර හා එම කණ්ඩායමට සහභාගී වු ක්‍රීඩකයෙක් ලෙස උපුල් තරංගගෙන් ද ප්‍රකාශ සටහන් කර ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.