කැලිෆෝනියාවේ පූජනීය ස්ථානවල ගායනා කිරීම තහනම් කරයි

0
594

සීඝ්‍රයෙන් නරක අතට හැරෙන වසංගත තත්වය මැඩපැවැත්වීම සඳහා රජය පූජනීය ස්ථානවල ගායනා කිරීම තාවකාලිකව තහනම් කර තිබේ.

බැතිමතුන්ට කැලිෆෝනියාවේ පල්ලියේ දේව මෙහෙයට සහභාගි විය හැකි නමුත් ගායනා කළ නොහැකි බව විදෙස් මාද්‍ය වාර්තා කරයි.

කැලිෆෝනියාවේ කොවිඩ් 19 රෝගීන් 24,000 කට වඩා වාර්තා වී තිබේ.

අඟහරුවාදා(30) එය 6,367 ක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර එය වසංගතය ආරම්භ වූ පසු ප්‍රාන්තයට වාර්තා වූ දෙවන ඉහළම අගයයි.

එමනිසා ප්‍රාන්ත සීමාවන් දැඩි කිරීමට ආණ්ඩුකාර Gavin Newsom තීරණය කර ඇත.

එරට රජයේ දත්ත වලට අනුව, රෝහල් ගතවීම් වලින් 30% ක් පමණ කොවිඩ් 19 රෝගීන් බව වාර්තා වේ.

දුරස්ථ සේවා පහසුකම් සැපයීම සඳහා පූජනීය ස්ථාන අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බව කැලිෆෝනියාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තරයේ නිර්දේශ කරන අතර, නිසි ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ නම් පුද්ගලික සේවාවන් සඳහා දැනට කැලිෆෝනියාවේ අවසර ඇත.

සියලුම පූජනීය ස්ථාන වලට ඔවුන්ගේ පැමිණීම ගොඩනැගිලි ධාරිතාවෙන් 25% ක් හෝ උපරිම වශයෙන් පැමිණෙන්නන් 100 ක් දක්වා සීමා කළ යුතු බව නියෝග කර ඇත.

පූජනීය ස්ථාන වල මුහුණු ආවරණ භාවිතා කළ යුතු බවත්, ශාරීරික දුරස්ථභාවයේ යෙදිය යුතු බවත්, අවම වශයෙන් තත්පර 20 ක් වත් සබන් යොදා අත් සේදිය යුතු බවත්, අත් සනීපාරක්ෂක යන්ත්‍ර භාවිතා කළ යුතු බවත්, ඔවුන්ගේ මුහුණ ස්පර්ශ නොකළ යුතු බවත් නියෝග කර ඇති බව CNN වෙබ් අඩවිය වාර්තා කර තිනුණි.