ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ගමන්ගත් මෝටර් රථයේ පුද්ගලයෙකු ගැටී සිදුවු රිය අනතුරෙන් එම පුද්ගලයා මියගොස් ඇත.
එලෙස මිය ගොස් ඇත්තේ පා පැදියක ගමන්ගත් 64 හැවිරිදි ගොරකාපොල පදිංචි පුද්ගලයෙකු වේ.
මියගිය පුද්ගලයාගේ දේහය මේ වන විට පානදුර රෝහලේ තැන්පත් කර අනතුර සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (5) උදෑසන කුසල් මෙන්ඩිස් මොරටුවේ සිට පානදුර දක්වා යමින් සිටියදී හොරෙයිතුඩුව 13 කණුව අසල දී මෙම අනතුර සිදුව ඇත.