නව කොරෝනා රෝගියෙක් වැලිකඩ බන්ධනාගාරයෙන්

0
352

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙම රැඳවියා කන්දකාඩුවෙහි පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි මස 27 වන දින වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද අයෙකි.

මෙම හඳුනාගත් රෝගියා සම්බන්ධයෙන් සහ අනෙකුත් ආශ්‍රිතයන් PCR පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු සිදු කරමින් පවතින බවත්,

මෙම පරීක්ෂණ සඳහා රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ද බඳුන් කරනු ලබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිකුත් කළ නිවේදනයක සදහන්.

මේ අනුව වැලිකඩ බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම දින නියමයක් නොමැතිව තාවකාලිකව නවතා දමන බව බන්ධනාගාර අධිකාරීවරයා දැනුම් දී ඇත.